Alakamandawa [TW] [Sachiya]

දෙව්ලියො පරදයි කෙල්ලේ නුඹ සුර දූතිකා මගෙ වෙනවද අද නුඹ මගෙ රූපිකා
ගෙන යන්නම් මන් නුඹ ලොව පුරා සරසමි මන් නුඹ රන් මල්දම් ගොත
අත් අල්ලන් යමු කෙල්ලෙ හදපානෙ
සිපගන්නම් තොල්පෙති හොර රහසෙ
දෙව්ලියො පිරිවරා ඉන්නම් කාශ්යප වෙන්නම්
ඔබත් එක්ක මම රජදානේ

පාවි පාවී ඉන්නෙ අහසේ මම
නුඹ ගැන සිතමින් නුඹ ගැන හීන මවමින්
හැමදාම නුබේ පහස ළඟ
සනසමි මන් නුඹෙ හිස පිරි මදිමින්

දඬුමොණරෙන් ගෙන යන්නම් මන්
කෙල්ලේ ගිරි බලකොටු සරසන්නම්
සීගිරි කාශ්යප වගෙ මම රජ වෙන්නම්
අග රැජිනිය මගෙ නුඹ වෙනවානම්

නුබෙ කොමල සිනාවේ හඩ රැව් දෙන්නා
ගැහෙන හදින් ඔබේ රූ සිත්තම් කරනා
බලා හිදිමි මන්
ආලකමන්දාවේ
බලා හිදිමි මන්
ආලකමන්දාවේ

බවයක දැනෙනවා අපි සීගිරි නැග්ගා
කුරුටු ගීයක්ද එලෙසම ලිව්වා
පැකිලිව මම ආදරෙ කිව්වා
රූපය නුඹෙ සිත්තම සේ හින්දා

ආදරෙන් පවසන්න ආදරෙ
කාලයෙන් හිතන්නකො උත්තරෙ
මායමෙන් මවන්න මන්තරෙ
තාලයෙන් කියන්නකො ආදරෙ

රස සොයමි සිප දෙතොල් සනසන
වෙර දරමි ආලෙකින්ම මම පැටලෙන්න
යා කලමි ඇස් දෙකෙන්ම දොඩවන්න
හිත තැවෙමි නුඔ ගැනම මම හිතලම

පැතුමන් දෙන්නකො මට හැගුමක
ආලෙන් රෑ ඉදිමුකො සිහිනෙක
ඉගියකින්ම දෙන්නකො කැමැත්ත
දෛවයෙන් අපි හමුවෙමු දවසක

නුබෙ කොමල සිනාවේ හඩ රැව් දෙන්නා
ගැහෙන හදින් ඔබේ රූ සිත්තම් කරනා
බලා හිදිමි මන්
ආලකමන්දාවේ
බලා හිදිමි මන්
ආලකමන්දාවේ

ආලකමන්දාවේ
ඒ මල් පාරේ
ඔබ හා මා



Credits
Writer(s): Pasindu Welmilla
Lyrics powered by www.musixmatch.com

Link