Sithuwama

රැයක තරු කැට නුඹේ තනියට පාවෙලා ඇවිදින්
රහස් කොඳුරන නමුත් දුර හිඳ ආදරේ කියමින්
අහස තරමට පෙම් කලත් මම දුරයි නුඹ තවමත්
ප්රේමයේ අර්ථයක් තිබුනද නෑ ඵලක් එමඟින්

අකුණු පහරට ලය දෙපලු වී ගිහින් නම් රහසින්
කඳුළු එක්කම ඇඳුනු සිතුවම මැකී නම් රහසින්
හදින් වැහැරෙන රුහිර එක් කොට නටඹුමක් විලසින්
තිබුණ සිතුවම කුරුටු ගෑවෙමි මැකී යන අයුරින්

හීන වැස්සක හුදෙකලාවට ගෙතූ මුත් කවි වැල්
බිඳුනු හිත ලඟ බොඳව ගිය දෙන් මීදුමක් විලසින්
පිනි වැටෙන රෑ සිහින් මදනල රැගෙන ආ සුසුමින්
මටත් නොදැනිම කඳුළු වැටුනා හීන බොඳකරමින්



Credits
Writer(s): Viranja Dayawansha
Lyrics powered by www.musixmatch.com

Link