Poronduwa

රෑ අඳුරේ සිටියාදෝ ඔබ මා හා
සිතුවිල්ලක් මෙන් සිහිවූවා
මතකේ තුල ඔබ සිර වූවා

පටන් ගැන්මක් මේක නිමාවක් පෙනෙන් නැති
පොරොන්දුවක් මේක කවදත් කැඩෙන් නැති
රැල්ලට හුරු සමාජයක් හිතක් නැති
රැවටීම, කඩවීම අද සුළු දෙයක් වැනි

මුළු ලෝකෙම පෙඟිලා බොරූවෙන්
ලං වෙලා වෙන්වෙලා යාවි දැන් වරූවෙන්
වැඳගෙන ඉල්ලයි කඩන් යන තරූවෙන්
සොය බැලුවොත් හිත පාට වෙලා කලූවෙන්

හැසිරේවි උඹ හරි හොඳ විදියට
ලෝකෙට එකක් ගෙදරට තව විදියට
කන කාවි උඹ අඟේ ඉඳන් හෙමිහිට
පිලිවෙලකට වනසාවි උඹ ජීවිත
පටන් ගනී අද පණ දෙන තරමට
බොරු මුව පෙන්නා ගනි බෝසත් රුව
වචනෙට පමණක් සීමා කර
පොරොන්දු කඩ කර යාවි නෙත් තෙත් කර

ආලය රඳා පවතින්නේ අද හොඳ වෙසඟක් ගත් කාමය තුළ
විනාඩි ගණනක සැපැතක් ගන්නට කතා කියයි හංගන් බොරු ගුල
ධර්මය කර්මය අමතක කොට අනෙකගේ සිත ඇද ගනි පාපෙට
කෙලසලා නසවලා යාවී ඈතට... වචන පොදිය දමා කුණු කුඩෙට

වෙමි අද නුඹ රැජිණක්,,,
කිසි දින නෑ වැටෙන්න දෙන්නෙ කඳුලක්
සුරඟන කතා කිය රවටන් හදවත්,,,
ලස්සන ජීවිතේ කර නැවතීමක්...
මවාවි කතා වලින් සුර විමනක්...
පෙන්නාවි ඇත්ත හංගන් බොරු පෙනුමක්...
සිතුවද කළ පව් ගැන උඹ මොහොතක්...
සංසාරේ දිගයි බං කර්මය බලවත් (බලවත්)

රෑ අඳුරේ සිටියාදෝ ඔබ මා හා
සිතුවිල්ලක් මෙන් සිහිවූවා
මතකේ තුල ඔබ සිර වූවා
ඔබේ පොරොන්දු එක එක මැකුනා

ඒ ආදරේ නැවතත් ඕනා
ඉවසන්නට බෑ මට තව නම්
ආලෙන් මගේ නෙතු පිය වූවා
ඔබෙ පොරොන්දු එක එක

අම්මා තාත්ත පැත්තක... ඒ ආදරේ මදි! ආ ඇත්තද?
අල්ල ගනින් ඒ අත් දෙක... උඹේ පණ තාමත් උරුමයි ඒ දෙන්නට...
උඹට අම්මා තිත්තද, දැන් ඇති සැළකුව ඔබේ කැමැත්තට
එයි දවසක් ඇත්තට... මව්පියා විතරයි ඉන්නේ උඹේ පැත්තට .

උඹ වැටිච්ච හැම මොහොතේදිම අම්මා තාත්තා හිටියා වෙලා ශක්තියක්
උඹ කොච්චර රැව්වත් බැන්නත් අඩුවක් කලේ නෑ ආදරේ අංශුවක්
තේරෙන වයසේ පටන් ඉගැන්නුවේ නුබ හට දෙන්නට සන්තෝසයක්
ඉගෙන ගත්ත දේ දැයි කරන්නේ අහල බලපන් අද හිතෙන් උඹ වාරයක්

දස මස කුස දරාගෙන වඩාගෙන හීන මැව්වා තම දරුවගේ ජීවිතේ
උහුලන්නට බැරි වේදනාව... ඉපැද්දුවේ ආදරේන්
තම ලේ කිරි කරලයි දුන්නේ
පොඩි වෙනස්ත් ඈ හට දැනුනේ
රිදවන්නට පෙර දෙවරක් සිතුවානම්
නෑ ඇය ඔබෙන් සමුගන්නේ

රිද්දුවේ නෑ කවදාවත් හිත
කඩ කලේ නෑ පොරොන්දු ඇය
දුක හංගන් හිනා වුණා මිස
පෙන්නුවේ නෑ කඳුලක් නුඹ හට
තරහට නෙමේ ගැහුවේ බොට
වෛර කරේ නෑ කවදාක
ඔහු කොච්චර වෙහෙස උනත්
පැතුවේ හැමදාම උඹේම සතුට

පොරොන්දුව!
රැක්කොත් නම් ගොඩ
(හිනාව)
කැඩුවොත් නම් චොර

මේ අහන්න...
පොරොන්දුවක් දෙන්න කලින්
දෙපාරක් නෙමේ දහස් වතාවක් හිතන්න...



Credits
Writer(s): Mark Perera
Lyrics powered by www.musixmatch.com

Link