Netha Nopiya

නෙත නොපියා, වත නොසලා
ඈත අහසේ තාරුකා නැගේ
ඈත අහසේ තාරුකා නැගේ
රැය නොගෙවා, ලතවෙනවා
දෑස ඈගේ, මා නිසා පෙඟේ
දෑස ඈගේ, මා නිසා පෙඟේ

දෑතේ ඇඳි රේඛා බැඳී
කිසිදා මැකී යා නොදී
දෑතේ ඇඳි රේඛා බැඳී
කිසිදා මැකී යා නොදී
පෑ ඔබේ දයාදරේ
ලියවී තිබේ, මා හදේ
ලියවී තිබේ, මා හදේ

නෙත නොපියා, වත නොසලා
ඈත අහසේ තාරුකා නැගේ
ඈත අහසේ තාරුකා නැගේ

පෑයු සඳ ඔබ නම් ළඳේ
මාගෙ සිතුම් එහි ඇඳේ
පෑයු සඳ ඔබ නම් ළඳේ
මාගෙ සිතුම් එහි ඇඳේ
ඒ ඔබේ අමා ගී පොතේ
ගීයක් උනා, ජීවිතේ
ගීයක් උනා, ජීවිතේ

නෙත නොපියා, වත නොසලා
ඈත අහසේ තාරුකා නැගේ
ඈත අහසේ තාරුකා නැගේ
රැය නොගෙවා ලතවෙනවා
දෑස ඈගේ, මා නිසා පෙඟේ
දෑස ඈගේ, මා නිසා පෙඟේ



Credits
Writer(s): M.k. Rocksami, Premakeerthi Alwis, Edgar Perera
Lyrics powered by www.musixmatch.com

Link