Gangawai Maha Muhudai (feat. Sujatha Aththanayake)

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා

ඈත දියඹෙ නැගෙන රැල්ල
මෑත ගලාගෙන ඇවිල්ලා
සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා
ඒ වගේම දුර ගෙවාල
පවුරු උඩින් පියාඹාල
ඔබේ පැලට මා පැමිණෙනවා

කවුළු දොරින් නෙත් හෙළාල
මඟ බල බල ඉන්නවා
පිළි අරගෙන දෑත පාල
සනසන බව දන්නවා

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා

සමන් පිච්ච මල් පිපිච්ච
මිදුල පුරා පැල හැදිච්ච
දිළිඳු ඔබේ පුංචි පැල්පතේ
රනින් බඳුන් රිඳී අසුන්
කටට දිවට මිහිරි බොජුන්
කිසිවක් මට උවමනා නැතේ

සවන් දෙන්න ළග්ින් ඉන්න
හිනාවෙන්න කට පුරා
ඊට පස්සෙ විදියි අපට
මල් දුන්නෙන් මල් සරා

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා

ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වෙයි
පින පෑදිලා



Credits
Writer(s): Unknown
Lyrics powered by www.musixmatch.com

Link