Dakala Purudui

දැකලා පුරුදුයි වාගේ කොහෙදී හරි රූ ඔබගේ
සුර අඟනක්දෝ, පවසන්කෝ ඔබ කවුදෝ කාගේ
මල්සර හී දුන්නෙන් එක පිට හී ඇවිදින්
හදවතේ වැදුනා මට හිතුනා ඔබ ගන්නට සරණා

කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි ඔබේ උත්තරේ
කියන්න හොඳට හිතලා මට හෙමින් සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ
ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ

මං දුටු විට කියවන කට වැහුනේ ඇයිදෝ
ලැජ්ජාවට හනි, හනිකට දිව්වේ කොහෙදෝ
රෝස කැලේ පිපුණූ මලේ
එනවද අල්ල ගන්න අත් වලින් මගේ

කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි ඔබේ උත්තරේ
කියන්න හොඳට හිතලා මට හෙමින් සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ
ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ

සඳ සිත්තම ඔබේ දඟකම දැකලා මාගේ
සිත් යායෙම මල් හැම, හැම පිපුණා වාගේ
රෝස කැලේ පිපුණූ මලේ
එනවද අල්ල ගන්න අත් වලින් මගේ

කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි ඔබේ උත්තරේ
කියන්න හොඳට හිතලා මට හෙමින් සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ
ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ



Credits
Writer(s): Prageeth Perera
Lyrics powered by www.musixmatch.com

Link