Soyageneema

සඟවන්න බෑ කඳුළු සිවි ඔබ
සෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්
ඔබේ හද මෙන් සැලෙන අතැගිලි
පිරිමදින විට මගේ කෙහෙරැලි
වැටහුණා මට දිගු සුසුම් රළ
ගැටෙන නළලත

එක වරක් සිපගන්න ඇත්නම් පුතු වඩාගෙන
ගොස් ටිකක් ගැවසෙන්න හැකිනම් ගෙදර ලිප ළඟ

හවස එන විට මා බලන්නට
කැටුව ආ හැකිවේ ද දුවණිය
තබන්නට ඇගෙ කුඩා දෑතෙහි
චේන් පොට සහ වළලු ජෝඩුව
උදෑසන මෙහි පැමිණ වෙදැදුරු
ඔබව කැඳවා ළඟට රහසින්
කියූ බස මම අසා සිටියෙමි
වැතිර නිදිගත් සෙයින් හිඳිමින්

ඔබට සඟවා ගන්න බැරි වුණ
හැඬුම් හඬ මට එවිට ඇසුණා
දිගු කලක් විමසුවද නොකියූ
ආදරය ඒ හඬෙහි තිබුනා

සුදුය ඇද රෙදි
සුදුය සීලිම
සුදුය තිරකඩ
සුදුය සැම දෙය
මොහොතකට මේ සුදෙන් මිදිලා
ඔබේ කලු පපුතුර බදාගෙන
හඬන ලෙස මට බල කරයි සිත



Credits
Writer(s): Lakshantha Chinthaka
Lyrics powered by www.musixmatch.com

Link