Maala Giraviye

මාල ගිරවියේ
මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ මාල ගිරවියේ

දුර නෑයො පවා ගේ දොරකඩ එකතු වෙලා හිදීවී
උඹේ මාලෙ සැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේඳ ඇදුම් ඉල්ලගත්තෙ කාගෙන්දැයි අසාවී

මාල ගිරවියේ
මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ මාල ගිරවියේ

මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිදීවී
අපෙ නැතිබැරිකම් මේතරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී

මාල ගිරවියේ
මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහ කොළ මල්
පෙන්නන්නට ආසයි
මාල ගිරවියේ මාල ගිරවියේ
මාල ගිරවියේ මාල ගිරවියේ
මාල ගිරවියේ මාල ගිරවියේ
මාල ගිරවියේ මාල ගිරවියේ



Credits
Writer(s): H M Jayawardena, Rathna Sri Wijesinghe
Lyrics powered by www.musixmatch.com

Link