Mage Ratata Dalada Himi Saranayi

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

දළදා මැදුරේ රන් කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දළදා මැදුරේ රන් කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ

දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුනේ
මෙතැනම වේ දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංකා දුරු කෙරුනේ

සමිඳුන් සෙවණේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා, ජය ගී ගැයුනා

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි



Credits
Writer(s): Sanath Nandasiri, Sunil Sarath Perera
Lyrics powered by www.musixmatch.com

Link