Siththam Karamin

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.

දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.

භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා.



Credits
Lyrics powered by www.musixmatch.com

Link