Miyuru Loke - acoustic version

පාට හැඟුම් ගං තීරේ
ඔබ මාව තනි වෙලා
නීල බිඟුන් මල් යායේ
සිතු සේම නැවතිලා

යොවුන් කාලෙ මං එක්ක ගීයක් ගයා
හිත් ගොන්නෙ පෙම් කල්පනා
සංසාර නිම්නේක කතරින් එහා
සෝ සුසුම සුන් වී ගියා

මියුරු ලොකේ මතක මංතීරේ
අප ආ දුර සොවින් නෑ වූයේ
ඇත යන්න තව දුර සංසාරේ
ඔබ හා මා

රැය පුරා තනිව අප හිත කී දේ
ඔය ලස්සන දෙතොල් නෑ කීවේ
පද වැල් ගොතා ගයමි මේ ගීතේ
එක රෑනේ

සිහින සිත්තම් රූ රටා
අප නෙත් තුල දැල්වුනා
හදවත් තුල මැවුනු කතන්දරේ
මේ ගීයට පෙරෙලුනා

යොවුන් කාලෙ මං එක්ක ගීයක් ගයා
හිත් ගොන්නෙ පෙම් කල්පනා
සංසාර නිම්නේක කතරින් එහා
සො සුසුම සුන් වී ගියා

මියුරු ලොකේ මතක මන්තීරේ
අප ආ දුර සොවින් නෑ වූයේ
ඇත යන්න තව දුර සංසාරේ
ඔබ හා මා

රැය පුරා තනිව අප හිත කී දේ
ඔය ලස්සන දෙතොල් නෑ කීවේ
පද වැල් ගොතා ගයමි මේ ගීතේ
එක රෑනේ



Credits
Writer(s): Ashen Santhush Ransara Jayanthalal, Chamodh Sankalpa Wickramasinghe, Shehan Anjana Asolangaarachchi
Lyrics powered by www.musixmatch.com

Link