Kathawa Ketiyen

දැන දැන ඇදි ගියෙ අදුරට ආලෝකෙන්
අහසෙ ඉන්නෙ ඈත් වෙලා පියවි ලෝකෙන්
යක්ශයා වෙලන් ඉන්නෙ මෙලොව වාසි ජීවීන් මෝහෙන්
කර්මය හොයන් එයි ගෙදර බිත්ති බැන්දත් ලෝහෙන්

ඕනෙ ජීවත් වෙන්න මැරෙනකන්
දුක් විදි නිර්වානෙ දොර ඇරෙනකන්
පිරමිඩෙ ඇහැට මැදැගිලි ඇනෙනකන්
මම කියන වචන මිනිස්සුන්ට දැනෙනකං

සමහරු දිනද්දි ජීවිතෙන් සමහරි පැරදෙද්දී
වයස අවුරුදු දාසයයි ජීවිතේ වැරදෙද්දී
යාලුවො දුසිම් ගණන් හිටයා වටේ
අතෙ ක්නකල්ස්, පිහි, පොලු, මල් බට කටේ

ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි කාලේදි ගැහුව ගේම
ආතල් එකටයි ගත්තෙ මුල්ම කාලේ අපි මේ හැම දේම

ලොකුම ප්රශ්නෙ පොලිසියෙන් බේරෙන්න
කාලයක් යනවා ඕනෙම දේක ඇත්ත තත්ත්වෙ තේරෙන්න

කතාව කෙටියෙන්, ඇත්ත ඇති සැටියෙන්
බොල, මොළ, සාක්කු පිරිලා ඉතිරිනත් කිරි මැටියෙන්
ටෝක් බුගාටියෙන් දවසක සැරෑටියෙන්
කෙලවගන්න පටන් ගන්නෙ කේරළ පැළෑටියෙන්

කාලයක් තිස්සෙ අසීමිතව හොයන් යන්නෙ යන්නෙ සැප
කාලේකට පස්සෙයි වැටහෙන්නෙ ජීවිතේට දැන් නම් නෑ ඇප

කියන්න මට, ලෝකෙ මෙතරම් නපුරු ඇයි? දරුණු ඇයි?
මට නම් තේරුම් ගන්න බැරි දේ, දෙවියො ඉන්නෙ කොයිබදැයි

හිතේ කහටක් නෑ මේ කතාව කියන්න
ඉගෙන ගත්තෙ මම අම්මාගෙ මූණෙ හිනාවක් තියන්න

හැසිරීම අමුතුයිලු මගේ
නිල් කොඩිය වම් සාක්කුවෙ දාගෙන පිස්සෙක් වගේ (පාරෙ)
ඒකෙන් මේකෙන් කාලෙ ගිවිලා ගිහිල්ලා වේගෙන්
ජීවිතේට ගන්න පුලුවන් දේවල් අරගනින් FJ ගෙන්

ලෝකේ කොහෙ කොතන ගැහුවත් වක්රේ
වෙනසක් නෑ මේකයි ජීවන චක්රේ



Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link