13 Sikurada (feat. Syndrom-X)

"මේකත් ඇත්ත කතාවක්ද බන්?
අනාගතේ වෙන්ඩ තියෙන දෙයක්, පොඩ්ඩක් බලාගනින්!"

අකලට උඹ එලියෙ බඩෙන් මේ අම්මගෙ අසරණ
උඹ ගෑනිට ගුටි තල තල වෙන ගෑනු අස්සෙ නැලවෙන
පණ නැති හිස් අවතාර දැකලා හූ කිය කිය බයවෙන
පැදපං උඹ බර ආත්ම ගනං තරමට උඹ ණයවෙන

අහවල් එකාද වගකියන්නෙ බොගෙතින් රැවටිලා ගෑනිට බඩවුන
අවලං පරයෙක් මෙලොවට වැදුව පවට උබෙ අම්මා ඉකි ගහං විදවන
"මගෙ පුතේ, මට මගෙ පුතා සල්ලි එව්වෙ නැති වුනාට කමක් නෑ
එකපාරක් කතා කරානම් ඇති මගෙ පුතේ"
දවසක නැතුව උඹට කරගහන්න මැරුණම පණුවො ගහලා උඹේ මලකුණ
කොහොමත් වැඩි ඈත නෙවෙයි හම්බවෙච්ච දාව පිහි පාර තමා සලකුණ

මුළු ගෙදරම උඹෙ හොල්මන් ගුහාවක් දෙන්නෙ නෑ උඹට ඉඩක්
ඇස් දෙක පියාගත්ත ගමන් නිදාගන්න බොට ඇහේවි මූසල හඩක්
පවටම කියපු කේලම් වල ඇරිය ගමන් කට දැනෙන්නෙ දුර්ගද බවක්
හීනෙන් පෙනුනා වගේ හරි උඹට වෙන් කරලා ප්රභාකරන් ලග ඇදක්

පණ නැති පෙරේත ගුහාවෙ පිල්ලිය මැන්නා අපායට ගව්
උඹ වගේ ආතපාත නැති ආතභූත උන් හින්දා කරන්නෑ පව්

වමාරපං අතීතෙ අගුළු වැටිලා බෙල්ල මුල
දේවදත්ත වගේ එකට කාලා පෙරලුවෙ කලුගල

දැනෙනවාද උඹෙ බෙල්ල වටේ එතිලා වගේ අතක්
කකුල අතපය ඇදං අල්ලගන්න ඇයි මට ගම් හතක්
උඹට වෙන්න තිබුනා හිතුන වෙලෙම තොන්ඩුවටම බරක්
දෙන්නෙ නෑ සමාව අනිනවා උඹෙ කැඩිලා යන්න දතක්

විකල් වෙලා සිහි මංචකේ එද්දි මරණ ඇදට
විකාර රූප මැවිලා පෙනෙයි බෙල්ල හැරෙයි ඇදට
කරපු මෙතෙක් පව් සමාද නිමවෙන්නැති පවට
දහතුන සිකුරාදා මරණෙ නියම වෙලා උඹට

විකල් වෙලා සිහි මංචකේ එද්දි මරණ ඇදට
විකාර රූප මැවිලා පෙනෙයි බෙල්ල හැරෙයි ඇදට
කරපු මෙතෙක් පව් සමාද නිමවෙන්නැති පවට
දහතුන සිකුරාදා මරණෙ නියම වෙලා උඹට

"කරන තරමක් උඹ වැරදි කරේ දෙයියො ඉස්සරහට
දෙයියො උඹව පිළිගන්නෙ නෑ!
දෙයියො උඹව භාරදීලා තියෙන්නෙ අපිට
අපායට!"

නියපොත්තෙ ඉදන් පුරුක් පුරුක් උඹ ගානවා හොද්දක හැදි
හක්ක තියලා වංගෙඩියක මැද්දෙන් අඹරමි බොගෙ දත් ඇදි
මර මර තලු උඹෙ අක්මාව වටෙන් ලූණු පොතු
අරින විලස දත් හිඩැස් අස්සෙන් මතුවෙලා බොග කොන්ඩයෙ කෙස් ඔලුව හමගහං කද්දි

කියපු බොරු වලට දඩුවම් කරන්නෙ කටට වක්කරලා ලෝදිය
බිම දිගේ ඇදං යාවි ඔලු කට්ට හිල් කරලා ගැටගහලා වටේ රෝදය
ඇනි ඇනි නගද්දි කටු ගහෙ පල්ලෙහාට ඇදලා ඉරෙන්න උඹෙ ඇගෙ මස්
මැද්දෙන් නාස් විවර තව හිල් කර යවනවා පොල්ල හරිම හතරැස්

උඹටම ගිය අසූචි මම කවනවා ආයේ උඹටම
ඒ අසූචි වල හිටපු පනුවෝ ඇගහිල් කරං එලියට
හලනවා උබේ ඔලුවෙ ඉදන් ඊයම් උණුකර මම
උනු වෙලාම වැක්කෙරෙනවා ගලනවා ඉටි වගෙ හම

වලදානවා උඹව පොලොවෙ හුස්ම හිරයි පණපිටින්
උඹේ මිනිය දෙකට කඩමි අරං මගේ කරපිටින්
ඇදලා බීලා ලේ පිපාසෙ හින්දා උඹේ හදවතින්
ගහලා පොලවේ ඇටකටු කුඩු කරලා මගේ දකුණතින්

පපු පසාරු කරගෙන හදවත ඉරාගෙන කෑවේ
නරුමයකුගෙන් ණයට ජීවේ මුදාලනකොට රෑවේ
හමන සුළගේ මූසල ගති දාගෙන හති නෑ වෙන විට
ලෙයින් ඔලුව පාදඩ ගති පසෙක දමන් ආයේ

උඹ අතට ගනිං වස කුප්පියක් අහන්න කලින් මේක
ලණුවක් අරගෙන එල්ලිලා මැරියං හුදෙකලා ගේක
වර්ථමානේ කරන වැරදි අනාගතේ
මේ වගේම ථලදෙන හැටි මතක් කරං බයවෙයං හැම රෑක

විකල් වෙලා සිහි මංචකේ එද්දි මරණ ඇදට
විකාර රූප මැවිලා පෙනෙයි බෙල්ල හැරෙයි ඇදට
කරපු මෙතෙක් පව් සමාද නිමවෙන්නැති පවට
දහතුන සිකුරාදා මරණෙ නියම වෙලා උඹට

විකල් වෙලා සිහි මංචකේ එද්දි මරණ ඇදට
විකාර රූප මැවිලා පෙනෙයි බෙල්ල හැරෙයි ඇදට
කරපු මෙතෙක් පව් සමාද නිමවෙන්නැති පවට
දහතුන සිකුරාදා මරණෙ නියම වෙලා උඹට



Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link