Obe Sithata

ඔබේ හිතට රිදුම් දෙන්නෑ
මම ඇත්තමයි
ඔබේ නෙතට කදුළු දෙන්නෑ
මම සහතිකයි
ඔබේ සතුට වෙනුවෙන් මට කළ හැකි දේ අපමනයි
හිතට නිතර එන ඔයා මගේ විතරමයි
හිතට නිතර එන ඔයා මගේ විතරමයි

කියන කතා ළගට වෙලා
ආදරෙන් මුමුනලා
මැවෙන සිනා හරි මනරම්
මගේ හිතට සුව ගෙනා
නොදැක ඉන්න හැම මොහොතෙම
පාළුව රජ වුනා
ඔයාගේ අවිහිංසක සිත මගේ ලගමයි සදා

වටින තරම් දන්නේ මමයි
ඔයා දුන්නු ආදරේ
හැමදාමත් දුක නිව්වා
හිත හැදුවා ආදරෙන්
තුරුළු වෙද්දි දැනුනා ලෝකෙම ගිනි වූ ලෙසින්
ලගක ඉන්න ඔබ ඈත නොයා ජීවිතෙන්

ඔබේ හිතට රිදුම් දෙන්නෑ
මම ඇත්තමයි
ඔබේ නෙතට කදුළු දෙන්නෑ
මම සහතිකයි
ඔබේ සතුට වෙනුවෙන් මට කළ හැකි දේ අපමනයි
හිතට නිතර එන ඔයා මගේ විතරමයි
හිතට නිතර එන ඔයා මගේ විතරමයි



Credits
Writer(s): Buddika Anuradha
Lyrics powered by www.musixmatch.com

Link