Manasgatha (feat. SH3N, EskennyWorld & YRN Marty)

Chakra on the beat නිසා
Beat එක dope

පාට පාට හීන ලෝක වල අපි යාවී
ඉන්න තැන සාමය සතුට පිරේවී
අඩවන් ඇස් සිනහා උතුරාවී
රෑ වෙන්න වෙන්න තව ආතල් ගෙනදේවී
ආතල් ගෙනදේවී (yey) ආතල් ගෙනදේවී
Dope හැබැයි chill රූප රටා මැවේවී
ඇඟ relax
Vibe එක තමයි යන්නේ පාවී
මද වැස්සයි සුළඟයි
පට්ටම වාසි
ආසම අතරමං වෙන්න මල් වත්ත මැද
පැණි රස ඕනේ දැන්
ඉන්නේ මං හොඳම තැන
Liquor ඕනේ නෑ
ඕනේ වත්තෙන් නෙලාගත්තු මල
ආසම ඉන්න දුමත් එක්ක
හඳපාන යට
පැද්දේවී කොල්ලෝ ටික track එකේ තාලෙට
පාඩුවේ ඉන්න ඕනේ high වෙන තරමට
ඔතමුද තව එකක් අපි හීනියට
ප්ර්ශ්න නෑ මත් වෙල ඉද්දී සුරලොව සැප

මන්දාකිණි අතරින් පාවෙන්නේ
(පාවෙන්නේ)
නෑ මේ වෙන දේවල් දන්නේ
(දේවල් දන්නේ)
මද පවනේ ළා අඳුරේ
අඩ නින්දේ
කෙටි ජීවිතේ අපි වින්ඳේ
(අපි වින්ඳේ)
පියවි ලෝකයෙන්
ඈතට පාවී යයි
(පාවී යයි)
මනස්ගාත එකක් නෑරම අමතක වේවී
(yeah වේවී yeah)
දුමාරේ වෙලා ගනියි
දැන් හිනා ගෙනේවී
(ගෙනේවී)
අකීකරු ශාකසාරේ නීති විරෝධී ඇයි

(Yeah)
(Arhm)
යෞ-යෞවනේ පොපියන චමත්කාරේ මේ
බොඳවෙලා පැහැදිලි නෑ පේන දේ
සිහියට එද්දී දන්නේ නෑ දැන් මොකද වුණේ
නඩු කන්නැතුව ආවොත් happy customer today
පාට පාට හීන ලෝක වල අපි යාවී
ඉන්න තැන සාමය සතුට පිරේවී (සාමෙන්)
අඩවන් ඇස් සිනහා උතුරාවී
රෑ වෙන්න වෙන්න තව ආතල් ගෙනදේවී
Jah Rastafari
දෙවියා Bob Marley
රෑ එළිවෙනකන් party
අපේ වැටෙනකම්ම නාඩි
පැය ගාණක් ගෙවිලා දැන් දැනෙයි වගේ විනාඩි
හැබැයි back to the අපි normal
Benda Shena ත් එක්ක Marty
ඒක තමයි homie ආතල්ම සිද්ධිය
අපි නෙමෙයි චිත්ර ඇන්ඳේ ගෙදර තිබ්බ බිත්තිය
ජීවත් වෙන්නේ සංගීතේ
පුරවන් ඉන්නේ සවනේ
කොල්ලෙක් උනොත් ඉඳලා බලපං මදපවනේ

මන්දාකිණි අතරින් පාවෙන්නේ
(පාවෙන්නේ)
නෑ මේ වෙන දේවල් දන්නේ
(දේවල් දන්නේ)
මද පවනේ ළා අඳුරේ
අඩ නින්දේ
කෙටි ජීවිතේ අපි වින්ඳේ
(අපි වින්ඳේ)
පියවි ලෝකයෙන්
ඈතට පාවී යයි
(පාවී යයි)
මනස්ගාත එකක් නෑරම අමතක වේවී
(yeah වේවී yeah)
දුමාරේ වෙලා ගනියි
දැන් හිනා ගෙනේවී
(ගෙනේවී)
අකීකරු ශාකසාරේ නීති විරෝධී ඇයි

නන්නත්තාර මේ ලෝකේ
අනන්තෙට යන්න උදවු වුණ ශාකසාරේ
පේන්න ගත්තා මට මනස්ගාත වගේ
විකාර රූප මේ වෙලාවේ
දාරෙන් ඇද්දා එකපාර දුමෙන්
එළියට ගලයි සතුට රටාවෙන්
(සතුට රටා.)
ගෙනාව් කේරලෙන් තමයි
අපේ පැත්තේ කොල්ලෝ ගිහින් රෑ
හොර පාරෙන්
(yezzir)
රාමු බොඳ වෙලා
මාව පාවෙලා
යනවා සිහිය ටික ටික දැන් නැති වෙලා
දැන් ගොඩක් වෙලා
ඇස් රතුවෙලා
මණ්දාකිනියට යයි මලක් නිසා මත්වෙලා
මැවිලා ඇඳිලා ලස්සන රටාවට
මගේ මනස පාවුණේ වෙනම කලාවට
විඳින ජීවිතේ දැන් මේ ටික කාලෙට
අතල් එකේ ඉමු ගහලා
මල මේ තාලෙට



Credits
Writer(s): Tharindu Dananjaya, Sasindu Ramishka Silva, Thanuja Martis, Sandun De Silva, Shen De Silva
Lyrics powered by www.musixmatch.com

Link