Etha Ahase

ප්රේම කරන්
වෙත සියලු සතන්
යන වදනින්
ලෝකයක් පුරා
පතල වුණා

භේද නොවන්
යන වදනින්
සීත රැයේ
ජේසු තුමා අද
ඉපදීලා

ඈත අහසේ
රන් තරුවක් දිස් වීලා
දෙව් දුතුන්ගේ
පණිවිඩ මෙහි එවලා
සාමයේ උරුමේ
දස අත පතළ වෙලා
ජේසු බිළිඳා
අද ඉපදීලා

මරි මවු උකුලේ
උණුසුම දැනිලා
දෙව් පුතු හිනැහෙන්නා
ජුසේතුමාගේ හිත සතුටින් අද
කෘතගුණ දන්වන්නා
පුංචි ගවහලේ සතුටයි ඉතිරී
පවුල ම හිනැහෙන්නා
සාමේ පණවිඩේ
ලොව ම වෙලාගෙන
සීනු නාද පතුරා
සීනු නාද පතුරා

බොහෝ සීතලයි
නත්තල් යාමේ
තරුවක් දිලිසෙන්නා
රජතුන් කට්ටුව
බිළිඳු සොයාගෙන
හනිකට පැමිණෙන්නා
දේව වරම් මැද
සාමයෙ කුමරා
ඉපිලී හිනැහෙන්නා
දෙව් පුතුන් අපගේ කියා
බිළිඳු අසල යදිනා
බිළිඳු අසල යදිනා

ඈත අහසේ
රන් තරුවක් දිස් වීලා
දෙව් දුතුන්ගේ
පණිවිඩ මෙහි එවලා
සාමයේ උරුමේ
දස අත පතළ වෙලා
ජේසු බිළිඳා
අද ඉපදීලා



Credits
Writer(s): Manumith Thotaliyanage
Lyrics powered by www.musixmatch.com

Link