Deshapalane

දේශපාලනේ පෞද්ගලික බැංකුවේ
අපි තමයි මේ කතන්දරේ උන්ගේ සල්ලි හොයන මන්තරේ
මං තාමත් ඉන්නේ හංදියේ
Light දාන් ගියා ඌ වන්ඩියේ
ඔය ගිය වේගෙට රට හැදුනද
ඉන්දියාවේ මුතු ඇටේ
දේශපාලනේ පෞද්ගලික බැංකුවේ
අපි තමයි මේ කතන්දරේ උන්ගේ සල්ලි හොයන මන්තරේ
මං තාමත් ඉන්නේ හංදියේ
Light දාන් ගියා ඌ වන්ඩියේ
ඔය ගිය වේගෙට රට හැදුනද
ඉන්දියාවේ මුතු ඇටේ

කන්නට දෙන්නට එනවද කවුරුත්
එදා වේල නෑ මිනිසා හට
කොරෝනා ඇවිල්ල ස්විප් අදිනවද
බැංකුවෙ ශේෂය නැති අය හට

ලැව් ගින්නක් බන් ලෝකය පුරා
පෙරදිග මුතු ඇටයත් අහුවෙලා
පැතිරෙන ගින්නක් බන් මුලු ලෝකෙට
අළු ටික අප හට ශේෂය වෙලා

අරගෙන යන්නකො අලු ටික කඩේ
දෙන්නකෝ අළු ටික ගුලි කර අතේ
කෑමට බීමට කිසිවක් නැතේ
උඩ දෙවියනේ ගන්නකො අළු ටික අනේ

නැත පුත දෙන්නට chicken curry (ah)
ඇත්තේ කන්නට පොලොස් curry
මගෙ හිතේ ගින්දර දැවී දැවී
පුත කාපන් මට නෑ බඩ ගිනී

පොලිසිය දානවා නීතිය ඇඳිරි
ණය නිසා බඩු කඩේ ගානව කෙඳිරි
එලියට බහින්න බෑ ගෙදරින් නීතී
මෙහෙම ගියොත් වෙන්නේ ජීවිත හානී

බඩු ටික එනවා ලොරියේ ගෙදරට
Pack කරලා දැක් එක එක විදියට
Gloves, mask හැම ආවරණය කොට
ආවත් කහවණු නැත මට ගන්නට

සුපිරි වෙළෙඳසැල් වලටයි යන්නේ
ප්රභූ පැලැන්තියෙ බඩ වැඩි වෙන්නේ
දුප්පතා පස්සෙන් කොරෝනා එන්නේ
Credit card එක zero වෙන්නේ

කන්නට දෙන්නට එනවද කවුරුත්
එදා වේල නෑ මිනිසා හට
කොරෝනා ඇවිල්ල ස්විප් අදිනවද
බැංකුවෙ ශේෂය නැති අය හට

කඳුලක් නගිනවා අම්මගෙ දෑසින්
ඒවා පිහනවා මගේම දෑතින්
බඩගිනි නිවෙනවා ඉබේම මෑතින්
බඩගිනි නෑ අම්මේ ඉවසමු යහතින්

දේශපාලනේ පෞද්ගලික බැංකුවේ
අපි තමයි මේ කතන්දරේ උන්ගේ සල්ලි හොයන මන්තරේ
මං තාමත් ඉන්නේ හංදියේ
Light දාන් ගියා ඌ වන්ඩියේ
ඔය ගිය වේගෙට රට හැදුනද
ඉන්දියාවේ මුතු ඇටේ
දේශපාලනේ පෞද්ගලික බැංකුවේ
අපි තමයි මේ කතන්දරේ උන්ගේ සල්ලි හොයන මන්තරේ
මං තාමත් ඉන්නේ හංදියේ
Light දාන් ගියා ඌ වන්ඩියේ
ඔය ගිය වේගෙට රට හැදුනද
ඉන්දියාවේ මුතු ඇටේ

නංගි මල්ලි මොකද කේස් දාන් mood sad කරන්
Sharki Shark ඔන්න ආව රැපක් හොදට පදන් කරන්
හැඟීම happy with two මිලියන් ශ්රී ලංකා
හම්බ කරමු ණය ගෙවන්න හඳේ වවලා වට්ටක්කා

කෝටි ගණන් මල්ලි සල්ලි තිබ්බෙ නෑ පොතේ
වෙන්ඩ පදිරි විශ්ව පතලේ මැණික් ගැරුවෙ නෑ පුතේ
Sharki Sharki Shark ඉඩම ගත්තා නැලවෙන්න හඳේ
රණ්ඩු සරුවල් නුවර නෑ නේ බොමුකො සරුවත් අපි සැපේ



Credits
Writer(s): Lassana Bandara
Lyrics powered by www.musixmatch.com

Link