Yadamin Benda

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නන්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය සහ විනිසුරන්



Credits
Lyrics powered by www.musixmatch.com

Link