Nimnade

රූරා ගත නාදේ වීණා
පීරා සිත ආලේ සීමා
නේනා දුර ආයේ ගේනා
මාගේ මයි හීනේ බෝමා

ඔබ ඒවී සැගවීලා
හිරු යාවී වියැකීලා
හදගිනි අරණේ පුපුරලා
මා යාවි දෙනුවන් සගවා
දුහුලැල් ආලේ හැරදාලා
මන්තීරේ මතකේ පීරලා

පියඹා යමි මා ආකාසේ
යලි කිසිදා හමුවූ නොවිලසේ
හදහින් පිටමන් කෙරවූයේ
නිම්නාදේ වියවුල් අතරේ

සීතේ යලි ඒවි සේමා
ආලේ තුඩු දේවී පේනා
ආයේ යලි ඒ දෝ මා හා
යාවී නුඹ මාගෙන් මිදිලා

සෙවනැල්ලක් සේ උදුරාලා
සදයාමේ මන් වැතිරීලා
හරසුන් මායම් බොදවෙලා
සිහිනෙන් මා හඩවාදාලා
නිරවුල් ආලේ වියැකීලා
විමසුම් අතරේ පාවෙලා

පියඹා යමි මා ආකාසේ
යලි කිසිදා හමුවූ නොවිලසේ
හදහින් පිටමන් කෙරෙවූයේ
නිම්නාදේ වියවුල් අතරේ



Credits
Writer(s): Diz, Omega
Lyrics powered by www.musixmatch.com

Link