The City of Romance

මගේ බඳ වට අත දමාගෙන
කලා භවනේ ඉදිරි පාරෙන්
අපි අපේ ලෝකය හොයාගෙන
ගෑටුවා මතකයි

ඔබත් අද නැති මමත් අද නැති
මේ කොළඹ පාළුයි

කොළඹ අහසේ ගොම්මනේ නුඹ
සුසුම් උණුසුම මගේ පපුවේ
තැවරුවා මතකයි

මමත් අද නැති ඔබත් අද නැති
මේ කොළඹ
පාළුයි

අපිව දන්නා ප්රේම නගරේ
දැන් හුඟක් මහළුයි
ඔබට මතකද ගොඩුබු මී ගස්
පෙලම දැන් තරුණයි
නෙළුම් පොකුණත් ගරා වැටිලා
පරවියෝ විතරයි
කොළඹ තණ උද්යානයම දැන්
පාළු උන ගානයි

ඔබත් අද නැති මමත් අද නැති මේ කොළඹ පාළුයි



Credits
Writer(s): Tharindu Damsara
Lyrics powered by www.musixmatch.com

Link