Seetha Wirame

සීතල හිම වැටෙනා යාමයේ
ඔබෙ තුරුලේ උණුසුම් රැයේ
මේ සීත විරාමේ
උඳුවප් තරු යායේ
තනිවෙමු තුරුලේ
නිල් නයනී මාගේ
මේ සීත විරාමේ (Yeah)
උඳුවප් තරු යායේ
තනි වෙමු අපි අයේ
නිල් නයනී මාගේ

ඔයා ගස්ස ගස්ස මේ නත්තලම සරසන්න
මම ආසයි ඔයා දිහා බලන් හිතින් සැනසෙන්න
සීත යාමේ කෙල්ලේ නුඹයි මෙල්ල වෙන්න ගිනි දැල්ල
නොකියාම ඔයා ඇවිත් මගේ හිත වටලන්න

බටලන්ද මේක තමයි සීත සෘතුවේ
හිරවෙන්න ආස හිතා මතා මීවිතේ
වද දෙන්න ඉන්න එපා කෙල්ලේ පාඩුවේ
දැවටෙන්න ආසයි හිතුමතේ නුඹේ ලය මඩලේ
කෙල්ලේ මම Bright
නෑ නේ මගේ රූපේ White
ඔයාව දැකලා මට Wine
දුක හිතේ නෑ මං Fine
කිය කිය ලිවුව Rhyme
ඇවිදන් යන්න ආසයි පයින්
ගිවිස ගන්නවා නුඹව දවසක කරලා Signe

මේ සීත විරාමේ
උඳුවප් තරු යායේ
තනිවෙමු තුරුලේ
නිල් නයනී මාගේ
මේ සීත විරාමේ
උඳුවප් තරු යායේ

නුඹේ හිත අතපත ගාන්න මම ආසයි
ලපටි වචන අස්සේ මගේ හිත ගාටයි
ඔයා ලඟට ආවේ මම දාලා ශෝටයි බාටයි
කෙල්ලේ ඉඟ සුඟ බඳ බඳ නලවාවයි
කෙල්ලේ ඉඩ දෙනවද මට නුඹේ හිතේ
එනවද ඔයා මාත් එක්ක යන්න රට වටේ
හැම හීනේ නුඹ රජ කරනවා මගේ රැයේ
නෙළුමත් ලස්සනයි ඉද්දී තනියෙන් විලේ
බැබලෙන හඳ වට කර විහිදෙන රැස්
සුරලොව මැවෙනවා බලන් ඉද්දි නුඹේ ඇස්
කෙල්ලේ ඇති නෑ මට තව ඕනේ නුඹෙ kiss
ආසයි කිමිදෙන්න අතරින් වරලැස්
සවන පිනවා මගේ හිතම දවලා
ඇගේ රූප වර්ණා බින්දා සීල කර්මා
මනෝකාය පිනවා කුතුහලෙන් තනිමා
ඇය සිතින් සිපලා මම හිතින් ඇඬුවා (Ayy)

සීතල හිම වැටෙනා යාමයේ
ඔබෙ තුරුලේ උණුසුම් රැයේ
මේ සීත විරාමේ
උඳුවප් තරු යායේ
තනිවෙමු තුරුලේ
නිල් නයනී මාගේ
මේ සීත විරාමේ
උඳුවප් තරු යායේ
තනි වෙමු අපි අයේ
නිල් නයනී මාගේ



Credits
Writer(s): Sharki Shark
Lyrics powered by www.musixmatch.com

Link