Midenna

රවටා මායන්ත දෑසේ කී කතා
රලු දෙතොල් සුව මැද්දෙ හීන පාවුනා
අඩ මතින් ඈ රහසේ චාටූ සූරනා
මට මගෙන් නෑ පහසේ රාග චේතනා

මන්දාරේ මල්පාරේ පිල්පාවේ නිල්රාගේ
ඈ මාගේ නෑ හීනේ මායාවේ පෑ තාලේ
රෑ යාමේ මුලාවේ මේ ආවේ මා විතරද මේ මාරුතයේ

මිදෙන්නා
මිදෙනා හේමන්ත ඈතින් පාරවා යා...
අලු බදුනේ සේයා මුව දැවුනේ හේතූ නෑ කියා

මන ගතින් වී අහසේ පාලූ වේදනා
මට මමත් නෑ කීවේ සාදයේ නුරා
අඩ මතින් ඈ රහසේ චාටූ සූරනා (තව එක් වරක් අවසන් සිහිනේ වරක්)
මට මගෙන් නෑ පහසේ රාග චේතනා

මන්දාරේ මල්පාරේ පිල්පාවේ නිල්රාගේ
ඈ මාගේ නෑ හීනේ මායාවේ පෑ තාලේ
රෑ යාමේ මුලාවේ මේ ආවේ මා විතරද මේ මාරුතයේ

මිදෙන්නා
මිදෙනා හේමන්ත ඈතින් පාරවා යා
අලු බදුනේ සේයා මුව ගැටුනේ නෑ
මායා වීනෑ අල්තාරේ මා නෑ ශෝකේ සේයා වරදින් මිදුනාවේ
මායා වීනෑ අල්තාරේ මා නෑ ශෝකේ සේයා වරදින් මිදුනාවේ
මායා වීනෑ අල්තාරේ මා නෑ ශෝකේ සේයා වරදින් මිදුනාවේ
මායා වීනෑ අල්තාරේ මා නෑ ශෝකේ සේයා වරදින් මිදුනා



Credits
Writer(s): Buddhi Sandeepa, Chalitha Saranga
Lyrics powered by www.musixmatch.com

Link