Lankawe Kalawa (Remix)

(phone rigging)
"හෙලෝ!
හෙලෝ බ්රදර්
ආහ්, අයියෙ
කොහොමද? ආහ්, මේ මල්ලියා, මේ අපි දැන් වැඩ ටිකක් දාන්ඩ ඕනෙ
දැන් මන් ඔයාට ඔක්කොම බඩුටික සෙට් කරලා, ඔයාට මයික් එක දීල තියෙන්නෙ
ඔයාට සව්න්ඩ්කාර්ඩ් එක දීල තියෙන්නෙ
ඔයාට කීබෝර්ඩ් ඔක්කොම එවනවා දැන්, හරිද
නැවේ එන්නෙ බඩුටික, right?
ඔයා දැන්, ඔයා, you tell me what you wanna do bro, හරිද
ඔයා මට කියන්ඩ මොනවද ඔයාට කරන්න ඕනෙ කියල
ඔයාගෙ idea එක තමා මම, මම use කරන්නෙ (ආහ්, ඔව් අයියෙ)
හරිද, as, as the boss! you know? (ආහ්, හරි අයියෙ)
එහෙම තමා මම කරන්නෙ
මේ, ලංකාවේ කලාව ඇහුව නේද? මේ අර හිට් එක ලංකාවේ
අපි ඒකට remix එකක් ගහන්ඩ තමා කල්පනාකරන් ඉන්නෙ
Oh shit bro! oh shit, මොමොගෙ එක නේ?
ඔව් අයියෙ
Damn, අපි මෙමෝටත් ගේම ගහමු බ්රෝ (හරි, හරි) මොමෝටත් ගේම ගහමු!
ඉක්මනට sign කරගන්ඩ, ඉක්මනට sign කරගන්ඩ, ඉක්මනට!
(පොඩ්ඩක් පෝන් එක මෙහෙට දියන්!)
බ්රෝ, sign කරන්ඩ කලින් මේක register කරල තියෙන්ඩ ඕනෙ!
(call ended)

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

හිත ගත මට දැනුනා අඳෝනා
පරතෙරකට විඳිනා වින්දෝනා
කට වටකර බැඳලත් කියෝනා
කුණු කටවහගෙන නෑ ගඳ පුරෝනා

මවා දෙනවාද උෂ්ණෙ පිටින්
රවා බල බල යනවද කුහක සිතින්
සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
තේරේවිද යන කල දවස වටින් ඒ

හිතේ නෑ මං දුක නම් යනකොට
උබ දුර ගමනක බල බල සැනසෙන
ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
ඇරියස් කවර් වේවිද වැටුනොත් මම

වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
මං යන ගමනෙමං ඇති රලු පාරයි
දවසක momo උබෙ හිතෙ කාරයි
මං මැරුනොත් උබෙ මතකෙක පාරයි

අත දෙන සමහරු ලග හිත නෑ
මං ලග හිටියත් හිත හරි නෑ
ව්යාජ හිනාව ලතාව සෙට් නෑ
මුලාව මුලාව කවුරුත් දන් නෑ

නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක

පිං කෙත හෙළ ලක් දෙරණෙ කලාව
අතරමග නැවති, මැලවි කලා කරුගේ මුලාව
තුලාව සමබර, සමාදාන, සාමකාමී
වචනෙන් වචනෙ අරුතට කඳුලටම වලදාමී

බහිරවයට බාර කෙරු කලාවෙ හතර මුල්ල
පෙට්ටගම කඩලා ගත්තෙ නිධානෙ කපලා උඹෙ බෙල්ල

මාණික්ය මරණ වානිජ්යකරණ
පාපිස්ස අකුලා අතුගා සාහිත්ය වරන

වෙලා කාල වාසි
සෙල්ලම පුහුල් දෝසි
නරකාදි සුනඛ, වෙලා උදව් කරපු උන්ට ද්රෝහි
ගුණමකු අදම කුහක කම
ආහර කරගෙන යැපෙන
කර්මාන්තෙම වෙලා රෝගී

සමලංකෘත බහු රූ කෝලම්
දැක පාටහීන
නරවලෙ හොයා පීන
පිටපත බලාගෙන කරගෙන ක්ලෝන
මිනිසා කෙලසා කලාවේ දකින කෝණ

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

අපි ඇවිත් ගොඩක් කල්, උඹලා ළඟදී වුනේ ප්රවිෂ්ඨ
වචනයෙන් ජ්යෙෂ්ඨ, ක්රියාවෙන්නම් කණිෂ්ඨ
බිව්ව ගමන් මලාණිකයි, හැබැයි නමට අරිෂ්ඨ
අත්සන් එකතු කරන්න කලින්, කරපන් ඕක රෙජිස්ටර්

තරඟයක්නම් මේක වෙන්නම් මං අහකට
හරි යද්දි තව එකෙක්ට, කෙළ වෙන්නෙ දාහකට
පෙන්නන්නෙ වගේ කන්දක්, ඒත් යන්නෙ පහළට
දෙන්න එපා දක්කන්න උබව ගව ගාලට

Artist යැව්වා deal, කලාව එතනම පීලි පැන්නා
මල් සිංදු වලට විතරක් වැඳුනා seal
කන්නෙ පතේ හීල්
කුලියට වීල් වලින් යන්නෙ උන්ලා නම විකුණුවෙ නිසා meal

Business නම් business
යාළුවෝනම් යාළුවෝ
වද්දගන්න එපා ළඟට, මේකෙ ඉන්න කාපාලුවෝ
අහුවෙන්නෙ ඇමට මාලුවෝ
මෙහෙ බිහි වෙලා දේශපාලුවෝ
නුවනැති කම නැත, ඇත කට පමණක් ළඟ ඒ යාළුවෝ

ගොබ්බයෝ වෙනවා රීච්
ගොඩයෝ වෙනවා ෆේමස්
අහුවුනෙ නෑ අපි තාම
ගොඩක් පහුවුනා මළදාන
ඇඳවෙලා මුගේ පිච්
වෙලාවට නෑ කෑම
රහට මත්වෙලා හැමදාම
දුවලා ගත්තෙ නෑ කුසලාන

සියල්ල අවසානෙ කපලා බලං හම
අපි හැමෝගෙම ඇත්තෙ එක පාට රතු ලේ
කියලා දෙන්න බෑ මේකේ ඉන්න ඕනෙ විදිහ
තම ණැන පමණින් දැනගත යුතුවේ!

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

ඒ වලවෙට්ටුවා, දාපං වෙට්ටුවක්
වැදිබණ අහලම මට දැනෙන්නෙ තෙහෙට්ටුවක්
පෙරෙට්ටුවක් m o b ප්රගුණ කරේ ශාස්ත්ර
Curt kobaine මම කනට දෙන්නෙ අධි මාත්රා

කලාව බල්ලට, සල්ලි ටික මල්ලට
Legendsලා ගොඩකි නමට, ගන්නම් එක අල්ලට
මුන්ගෙ කල ක්රියා නිසා ක්ෂේත්රය වල පල්ලට
මිනිමරු කිඹුලෙක් freaky, බොලා මදි මගෙ තල්ලට

පට්ටම නිෂ්පාදක
දහසක් සම්බාධක
සත්ය සිද්ධි සාධක
මගෙ සංගීතෙට පාදක

කල වැරදුණු මඟ සළකුණු
නහයෙන් අඬන උඹ මදසරු
අද කලාකරු, බොනිකර තරු
රැප් ගේමෙදි උඹ මට දරු (ග්ර්ර්ර්)

නඟින්නෑ අපි කාගෙවත් කරත්තේ
ලියන්නෙත් මේක දැන් ඉඳගෙන මම කනත්තේ

මට හොඳටම psycho!
මහදැණ මුත්තයි, ගෝතයෝ රොත්තයි
හෙළ කලාව කුහකකමට බැඳිලා වගේ ගහයි පොත්තයි

පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම

අපි පොශ් නෑ, ගමෙ ගති එහෙමයි
මෙහෙ කුශ් නෑ, ඒත් දේශීයයි
ලොකු කම් නෑ, එක පන්තියෙමයි
එක පන්තියේ වුනත්, උඹ හරි කුහකයි

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී

වෙලා කාල වාසි, දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්, මම නම් පාවි
අපෙ හීන පාවි, මල් මාල දාවි
රජයන දවසට, මම දැන්නම් පේවී



Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link