Rosa Thol Simbimi

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි

පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි

අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි

රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි



Credits
Writer(s): Gunadasa Kapuge, Yamuna Malini Perera
Lyrics powered by www.musixmatch.com

Link