Miyadena Minisun

රුහිරු සාගරේ
සැඩපහරින් බිදුණේ
මගේ ලක්බිමේ
පණ නළ දෝ මිතුරේ

මේ හෙළ රන් පොළොවේ
හෙට බිහිවන බිළිදේ
ඔබත් ණයදෝ
මමත් ණයදෝ
කළ පව කිමදෝ

රවටන්නේ... අපේ ජීවිත නොවෙදො
කෙළසන්නේ... මගේ මව්බිම නොවෙදො

ලක්මව්නේ... මාගේ ඇයිදෝ මේ ලෙසිනේ
රිදවන්නේ... මා කළ පව කිමදෝ

ගතින් හාමතේ
මහමග මියැදෙන්නේ
සිතින් නැතිද මේ
රට කරනා උන්නේ

නෑ හෙළ රන් දෙරණේ
හෙට බිහිවන බිළිඳේ
ඔබත් ණයදෝ
මමත් ණයදෝ
කළ පව කිමදෝ

රවටන්නේ... අපේ ජීවිත නොවෙදො
කෙළසන්නේ... මගේ මව්බිම නොවෙදො

ලක්මව්නේ... මාගේ ඇයිදෝ මේ ලෙසිනේ
රිදවන්නේ... මා කළ පව කිමදෝ

රවටන්නේ... අපේ ජීවිත නොවෙදො
කෙළසන්නේ... මගේ මව්බිම නොවෙදො

ලක්මව්නේ... මාගේ ඇයිදෝ මේ ලෙසිනේ
රිදවන්නේ... මා කළ පව කිමදෝ



Credits
Writer(s): Prasad Kumarasiri
Lyrics powered by www.musixmatch.com

Link