Umbaa Kiya Kiya

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි
මිනිසා දරැණු ඇයි මේ එළදෙන අසයි
උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනා තුරා මැරෙනා තෙක් දිරා
රෑ දහවල් උදේ විද විද දහවදේ
නිරයේ දුක දකී දරු පවුලම රකී
අන්තිමෙ මේ ගොනා මස් කර විකුණනා
කඩයට පවරනා මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

දරැවට මව නැතී දෙවරුවේ කිරි දෙතී
ගොම ටික පොහාර වෙයි ගොඩ මඩ සරු කෙරෙයි
මැරැණත් නොනවතී හමටද බැට දෙතී
මැරැණත් නොනවතී හමටද බැට දෙතී
කවදාදෝ මිනිසා මේ
තිරිසන් ගති දුරලන්නේ

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ



Credits
Writer(s): Karunarathna Abeysekare, P.l.a. Somapala
Lyrics powered by www.musixmatch.com

Link