Me Hitha Na Palu

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දෑතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳ ගන්න
සිප ගන්න ඒ සියුම් මුවින්
අල්ල ගන්න තදින් මගේ අතින්
අපි ලං වෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු



Credits
Writer(s): Yuki Navaratne, Samith Gomes
Lyrics powered by www.musixmatch.com

Link