Oba Wenuwen

මා ආදරෙන් ඉතිරුනා
ඔබ දුටු සැනින් පිනවුනා
ඒ ඇසිල්ලෙන් හිනැහුනා
ඔබෙ උණුසුමේ සැතපුනා

බෝ රිදවුම් එන්නැතී
ඔබෙ ජීවිතෙ දෙන්නැතී
ඔබ වෙනුවෙන් ණයගැතී
මා මගෙ ජීවිතයත්
මා දිනු ලෝකයත්

මා ආදරෙන් ඉතිරුනා
ඔබ දුටු සැනින් පිනවුනා
ඒ ඇසිල්ලෙන් හිනැහුනා
ඔබෙ උණුසුමේ සැතපුනා

ඔබ රැකි ඒ පුතු මෙලෙසේ
අද තරුවක් මෙන් දිලිසේ
මම රජෙකුන් වාගේ - දෙව්ලොව වාගේ
යහ ගුණ පිරි කුමරකු සේ
මම ජයගමි හෙට දවසේ
මේ ජීවිතේ, මේ ජීවිතේ



Credits
Writer(s): Drec, Nirod Sandeepa
Lyrics powered by www.musixmatch.com

Link