Nohithu

නොදැනී බලා දිවි මාවතේ
සෙවනැල්ල වූ
රජුනි මගේ
නොකියා කියූ මට ආදරේ
තනිකම් මැකූ
නිරිදුන් මගේ

අහසක රැයේ සොයනා ඉමේ
නුබ ඉන්නවා
දැනුනා වගේ

දවසක රැදී පෙරදා වගේ
මම දන්නවා
මගේ ආදරේ

නොහිතූ ගමන් ගිය තප්පරේ
නුබ කල්පයක් වූ ප්රාණයේ

තාත්තේ මගේ මම ආදරේ
තාත්තේ මගේ මම ආදරේ

අදටත් වරම් ලැබුණොත් මිදී
හඩනා තරම් ලොවටත් නොකී
වැරදුනු බවත් හැරිලා යලි
දුටුදා නුබත් මිදිලා මැකී

තාත්තේ මගේ මම ආදරේ
තාත්තේ මගේ මම ආදරේ



Credits
Writer(s): Buddhi Sandeepa, Akesh Jayasekara
Lyrics powered by www.musixmatch.com

Link