Eka Kuduwe

Oh my god Sharki

Yeah
Yeah
Yeah
ඉර බැස යන්නට නිමිත්තෙන්
ඇවිත් රොන් ගත්තා බඹරු කිනිත්තෙන්
ඇය කලේ මාව බොළඳ සිඟිත්තෙක්
දැන දැන ලං වුනේ මම පුරුද්දෙන්
මට දැනුනා මේක රෑ වෙලාවක
හැබැයි ලිවුවේ මං වෙනම කතාවක
සඳ පායන් නැති රෑ අමාවක
ඇගේ දෑතට ගිලිහුනා මගේ බව
මම ආදරේ ලඟ වී විලෝපික
අපේ වෙනසට හේතුව කාලෝචිත
මේ හිත වෙයිද දන්නෑ නිරෝගික
හැබැයි පිට ගිය තැන වෙයි මං රාගික
ආදරේ ලඟ වී පිපාසිත
මගේ දෑස් තෙත්ව අද නිසාචර
ඒ අධෝනාව කලා කලාබර
මේ විකාශනය අද අපේ ගැන

එක කූඩුවේ පිට ප්රශ්න
කෙල්ලේ අපි දෙන්නා විඳවන්නේ පෙර කර්ම
පෙමට කමටහන් දුන්නත් ධර්ම
කවද ද අමණ සිත වුනේ දමන
අතරින් පතර හිත නුඹේ දුෂ්ඨ
ඇවිදින් මගේ හිතට කලා දෂ්ට
පවිටු මතක හිතෙ ගිනි ගණන් ලක්ෂ
විටෙක ආරූඪ කලා මාව යක්ශ
දක්ශ වෙන්න එපා වීමට වංක
නොදැනිම ගිලිහී යයි පෙම් බැන්ද
පෙර පෙම් කුසුම හැරි බවට ගන්ධ
එයට විතරක් හේතුව උනේ මං ද
රන්ධ මන්ද මන බැන්ද
මම තනියම නුඹේ හිතේ බැස්සා බින්න
ඇයි එදා වගේ සතුටින් බැරි ඉන්න
කූඩුව ඇරියා සතුට හොයන් යන්න
හාහ්

ඉර බැස යන්නට නිමිත්තෙන්
ඇවිත් රොන් ගත්තා බඹරු කිනිත්තෙන්
ඇය කලේ මාව බොළඳ සිඟිත්තෙක්
දැන දැන ලං වුනේ මම පුරුද්දෙන්
මට දැනුනා මේක රෑ වෙලාවක
හැබැයි ලිවුවේ මං වෙනම කතාවක
සඳ පායන් නැති රෑ අමාවක
ඇගේ දෑතට ගිලිහුනා මගේ බව
මම ආදරේ ලඟ වී විලෝපික
අපේ වෙනසට හේතුව කාලෝචිත
මේ හිත වෙයිද දන්නෑ නිරෝගික
හැබැයි පිට ගිය තැන වෙයි මං රාගික
ආදරේ ලඟ වී පිපාසිත
මගේ දෑස් තෙත්ව අද නිසාචර
ඒ අධෝනාව කලා කලාබර
මේ විකාශනය අද අපේ ගැන

නුඹ නිසා දැම්මා මම මටම වාරණ
හිත මෙල්ල කරගන්න ඕනේ මේ කෑදර
කියන්නට තේරෙන් නෑ දැන් මට නම් කාරණ
කෙසේ කිවුවත් නුඹටමයි හොරෙන්ම ආදර
ගෙවෙන්නේ කාලය එක්ක දැන් ශෝකය
ගල් ගසා බොර කලා නිසල ඟං දිය
නුඹගේ වැරදි මත ගෙවෙද්දි වංදිය
මගේ නිම වෙන්නේ හොඳම සංදිය
ඇය මට නොකිවුවත් හිතට නම් දැනුනා
අතපසු වීමක මගෙ හිත රැදුනා
මතකෙට නැගුණු ඒ කාලය ගෙවුනා
ගෙවුණු ඒ කාලය ගැන පසුතැවුනා
Yeah
නුඹ හට යුතු කාරණේ පැවසීම
රඟපෑමට කල හැකි සැඟවීම
ආදරේ ලඟ බය හිත ගොළුවීම
නිර්වචනයෙන් මේක ද ඉවසීම

ඉර බැස යන්නට නිමිත්තෙන්
ඇවිත් රොන් ගත්තා බඹරු කිනිත්තෙන්
ඇය කලේ මාව බොළඳ සිඟිත්තෙක්
දැන දැන ලං වුනේ මම පුරුද්දෙන්
මට දැනුනා මේක රෑ වෙලාවක
හැබැයි ලිවුවේ මං වෙනම කතාවක
සඳ පායන් නැති රෑ අමාවක
ඇගේ දෑතට ගිලිහුනා මගේ බව
මම ආදරේ ලඟ වී විලෝපික
අපේ වෙනසට හේතුව කාලෝචිත
මේ හිත වෙයිද දන්නෑ නිරෝගික
හැබැයි පිට ගිය තැන වෙයි මං රාගික
ආදරේ ලඟ වී පිපාසිත
මගේ දෑස් තෙත්ව අද නිසාචර
ඒ අධෝනාව කලා කලාබර
මේ විකාශනය අද අපේ ගැන

Oh my god Sharki



Credits
Writer(s): Sharki Shark
Lyrics powered by www.musixmatch.com

Link