Handuma

මතකය නුඹගේ නොදැනිම ලංවුණා
සුසුමට ලමැදේ ආලය වෑහුණා
සඳවත කවුළුව අතරින් පායනා
හදවත මුමුණා කී පෙම් කාරණා

සිනහවෙ හැඬුමයි නොදැනිම හැඬුනයි
වරදත් මගෙමයි පමාවේ
නොනිදම හැඬුවයි මා නොදැකම හැඬුනයි
ආයෙත් මගෙවෙන් සමා වී

හීන පුරා මං ලීව කතා රං
නීල නුරාවන් ස්නේහ දෑසේ පැටලිලා
ඈත වලාවන් පාට වෙලා දම්
ආල සිනාවන් හැගුම් දෑලේ සැගවිලා

කෝලවන්තී ආලයෙන් ලංව පෑ කී තාලයෙන්
මා දවා සංතාපයෙන් එන්න ආයෙත් ආදරෙන්



Credits
Writer(s): Akesh Jayasekara
Lyrics powered by www.musixmatch.com

Link