Mama Asama

මම ආසම අමාවකට
තිත්ත කළුවරම අහසට
රැහැයියන්ගෙ හඬ මැද්දෙන්
හීතලම හුළඟක් එනවට

මම ආසම එලි නැතුවට
තිත්තම කළුවර රෑකට
හීතල ඇඳ ඇතිරිල්ලෙන්
නුඹ මා ළඟ දැවටෙනවට

මම ආසම මේ රිද්මෙට
මතුවෙන දාඩිය ඩිංගට
ලෝකෙම නිදියන මැද්දෙන්
අපි විතරක් කැරකෙනවට

මම ආසම නවතිනවට
අපි එකටම වෙන් වෙනවට
බිත්ති හතරටත් රහසින්
අපි විතරක් සැනසෙනවට



Credits
Lyrics powered by www.musixmatch.com

Link