Ithin Yannam

ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං
හිතත් පාරා දෑස් රූරා ගියත් බොඳ වී මගෙන්
ඔබේ සේයා හදේ පානා රසේ තවමත් දැනේ
ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං

එක එක තරු කැට ගොත ගොත හෙමිහිට
සැරසුව ඒ අප හීනේ
ටික ටික බිඳුනට හිත මගෙ හරියට
හොයනව තව ඔබෙ රූපේ
හෙමි හෙමිහිට ඔබ බිඳ බිඳ නෙත් කැට
දෙකොපුල් තෙමි තෙමි හැලුනේ
යළි යළි සිහිවෙයි රතු වූ නෙත් යුග
ඔබ මා හැරගිය මොහොතේ

ඉතින් යන්නම් දුරින් ඉන්නම් සීමා මායිමේ මං
හිතත් පාරා දෑස් රූරා ගියත් බොඳ වී මගෙන්
ඔබේ සේයා හදේ පානා රසේ තවමත් දැනේ
රුවේ චායා මැකී නොයනා ඔයා භාවනාවක්

ඉතින් යන්නම්



Credits
Lyrics powered by www.musixmatch.com

Link