Ridi (20XX Remix)

(Chad chop the Beat boyyy)
Yeah!!
20
Here we go
Here we go

සෙල්ලමේ දන්නවා පාරවල් ඇවිද්ද නිසා මං අඳුරෙත්
අඩපණ අවතාරත් පණ ගහලා ගත්තේ මම මතුරපු වතුරෙන්
කපයි වෙලාවක කතුරෙන්, ගහලා adlibs උගුරෙන්
උඹ එකෙක් විතරයි බං සීයක් විසි වුණ rappersලා හිටපු පඳුරෙන්
දිලිසෙන්නේ රිදී වගේ දිස්නේ වැඩී මගේ
දානව show ඒකයි බලන් ඉන්න බැරි
බොලා කලින් හිටියා වගේම පව් නොදී අපිට දැන්
මල් සිංදු කරගෙන හිටියා නම් හරි
ගියර් එකක් දාගන්න බැරි මගියෝ සමඟ වාහනයක් යනවනේ රියදුරු නැති
උරුලෑ ගති නිසා හොයාගන්න ලේසි වෙයි ඒ වහනේ යන පැති
තිත්ත මිදිත් නරි කැලෑවේ වෙලානේ form
(මට dope)
Fansලා 10ට Rappersලා 100ක් විතර perform
(එකත් ශෝක්)
සෝබන විතරයි කරන්නෑ කියන පලියට
කියෙව්වට කෙලින් හිටගන්නවත් බෑ හරියට
අපරාදේ පිට වුණ වචන ටිකත්
උන් සේරම tiktok වල කබ්බෝ
නාට්ටිය "Upcoming" පිටපත කයි-සර්
Dose එක අඩුයි, වැඩියෙන් වදියි Pfizer
ඔක්කොම එකයි කොටියා ගොරවයිද?
උඹලගේ fansලට අපි දිරවයිද?
දුර ඉඳන් බුරයි ළඟට එන්න බෑ දැන්
(Ahh)
වෙඩි තිබ්බට ඉලක්කෙන් පිට තැන්
තල්මස්සු මේ වැල්ලට වැඩි නෑ

දිලිසෙන්නේ රිදී වගේ දිස්නේ වැඩී අපේ
(දිලිසෙන්නේ රිදී වගේ)
දිලිසෙන්නේ රිදී වගේ දිස්නේ වැඩී අපේ
දාද්දී show අපි බලන් ඉන්න බෑ වගේ
(Yeah!! yeah)
දිස්නේ වැඩී දිලිසෙන්නේ රිදී වගේ
(ඉතින් ඇත්තනේ බං)
දිලිසෙන්නේ රිදී වගේ දිස්නේ වැඩී අපේ
(දිලිසෙන්නේ රිදී වගේ)
දිලිසෙන්නේ රිදී වගේ දිස්නේ වැඩී අපේ
දාද්දී show අපි බලන් ඉන්න බෑ වගේ
(Yeah!! yeah)
දිස්නේ වැඩී දිලිසෙන්නේ රිදී වගේ
(ඉතින් ඇත්තනේ බං)

නැග්ගනේ මං කන්දට පාරෙන් කෙටි
දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා මේකේ ගානට වැඩි
පහළ ගැන විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ අපි
සැපේ ඉද්දී අඩි ගාණක් උඩින්
අඩි ගාණක් උඩින්
කකුල් බිම තියන් අඩි ගාණක් උඩින්
පහළ ගැන විමසිල්ලෙන් බලන් ඉන්නේ අපි
සැපේ ඉද්දී අඩි ගාණක් උඩින්

(Chakra On the Beat නිසා Beat එක Dope)
වචන වලින් දැන් පාරන්නේ මතක
දැන් කාටද මතක
සෙල්ලම වෙනස් කරා එදා මුලම
අපි පටන්ගත්ත මුලම
එක කෝණෙකින් බලන්න එපා අපේ වෙනස
බලන්න එපා අපේ වෙනස
වචන කියන්න කලින් දැනගන්න තරම
දැනගනින් උඹේ තරම
වචනේ බිඳින්නේ කෝණේ සීමා
පරතෙර නොදුටු බීරි අලින්ට වීණා
මගේ rap පද උඩ මම ආවේ පීනන්
ගොඩක් උන්ට වැඩි උනේ මූඩිය දැන් බීලා
ජීවිතේම දුක කෝ අපි කෑව කට්ට
අඬන් එන්න බෑ මචං real වෙන්න ඇත්ත
වනසන්නේ මම, ලිංගේ අඩපණ හැත්ත
හරි පැත්තේ හිටගන්න ඇයි අකමැත්ත
දඟලන ලමයින්ගේ ඔළු ගෙඩි හිස්
ගහනවා කිව්ව ගොඩක් උන් miss
මගේ රැප ඇහෙද්දී මට උනත් kick
ආසම හීනෙත් වෙලා හිතේ fix
පොර වෙන්න හිතාගෙන ඉල්ලයි අවදාන
ඉවසීමෙන් බලන් ඉන්නේ අල්ලන් කුරුමාන
හිනාවෙච්ච හීනත් ඉන්නේ මට කරබාන
රැප මගේ නමින් ඉදිකරයි ප්රතිමාව



Credits
Writer(s): Rochana Daham Vidarshana, Uvin Subasinghe
Lyrics powered by www.musixmatch.com

Link