Susuman Matha

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා
සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා

නොනිදා රැයේ මාව සිහිපත්වෙලා හැඩුවාද මහ රැ පවා
මැවිලා මගේ දෑස සිතෙහි පුරා ඇසුවාද මා කී කතා
තනිවීලා දුක්වී සදා මා ගැනම ඔබ සිතනවා

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා

මතකේ පුරා මාව මනසින් මවා යනවාද මගෙ රූ සොයා
සසරේ පවා ඈත භවයන් පුරා දැනුනාද මා ඔබෙ කියා
සමුදීලා පිටුපෑ නිසා ඔබ තවම පසුතැවෙනවා

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා



Credits
Writer(s): Ranjith Premaweera
Lyrics powered by www.musixmatch.com

Link