Bidunu Pem Hada

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා

ජීවිතේ තනි මංසලේ
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමුවේවී
කඳුළ නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුළ නුඹ නාඩන්

බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා



Credits
Writer(s): Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link