Hinahena Manaloli

හිනහෙන මනලෝලි හීනෙ
මා ඔබෙ වෙන හිමිකාරි මාගේ
පිනවන මනමාලි ආලේ
ඈ හිමිකාරි කාරි කාරි
හිනහෙන මනලෝලි හීනෙ
මා ඔබෙ වෙන හිමිකාරි මාගේ
පිනවන මනමාලි ආලේ
ඈ හිමිකාරි කාරි කාරි

හවස් වෙද්දි අපි බයින්නේ පාරට
පියසේනගේ පුතත් එක්ක චානක
මද පමණ මෝදු වෙලා ලාවට
අන්න එයා එනවා එලපන් පාවඩ
ඇයි එදා වෙල ගාවට නාවේ
මං ඉන්නෙත් නැති වෙයි ලංකාවේ
ඔයා නැතුව ඉදි මං සංකාවේ
කෙල්ලේ මාවම පතන් ද ආවේ
එකේ ගෙදර ලාල් දෙකේ ගෙදර පියල්
තුන හතර පහ ගනන් කරනවා රියල්
තිස්තුනේ බන්දු එක්ක අටේ ගෙදර ලලිත්
රතු අයියත් එක්ක යනවා එහෙන් මෙහෙන් වලිත්
උදේ හය වෙද්දි මම පහේ කඩේ ගාව
එයා ඉන්නවා හිටගෙන බේස් ලයින් පාර
දැන්මම අහපන් හිත මගේ කියනවා
ස් ස් මට ඔයාට දෙයක් කියන්න තියනවා

හිනහෙන මනලෝලි හීනෙ
මා ඔබෙ වෙන හිමිකාරි මාගේ
පිනවන මනමාලි ආලේ
ඈ හිමිකාරි කාරි කාරි
හිනහෙන මනලෝලි හීනෙ
මා ඔබෙ වෙන හිමිකාරි මාගේ
පිනවන මනමාලි ආලේ
ඈ හිමිකාරි කාරි කාරි

පනස්පහේ කොල්ලා වැටුනා තිස්තුනේ ගෙදරට
මස්සිනා විතරයි මුට හිටියේ එදා කරුමෙට
සෝම පාල සෝමා හිතේ ආදරේ බෝමා
උඹව දැක්ක වෙලේ ඉදන් හැදිලා වගේ මට කෝමා
පනස්හතේ ගෙදර හකුරු තමා රසම සිරාවට
ගමේ අයත් ආස උනේ බෝනික්කගේ කතාවට
නැව් සුනිල්ගේ දුවට බැල්ම දාපු උන් අපායට
කොහෙන් ගියත් බබී නැව එන්නේ ආයෙත් වරායට
පරාදීසයක් එක පෙලට තියනවා ගෙවල් හැටක්
හැටේ ගෙදර මල්ලිටත් දැන් පැනලා ඇති හැටත්
මල්ලි මං බලන් හිටියා නොයිවසිල්ලෙන් අවුරුදු දෙකක්
ජම්බු ගහේ ඇට වැටිලා එතන හැදිලා ඇති පැලත්
කාලේ ගෙවී ගියා සීයාත් මාව දාලා ගියා
සංසාරේ පතන් ඇවිත් මාව පුදුම කලා ඔයා
දුකයි සතුටයි එකට බලන්න ඒකෙත් හැටි
සීයා ඉන්න තැනක ඉදන් දැකලා සතුටු වෙනවා ඇති



Credits
Writer(s): Pasindu Gunasekara
Lyrics powered by www.musixmatch.com

Link