Anuraga Pushpaya

දෙපන් පත් අනුරාග පුෂ්පය
බඹර නුඹ පෙළුවේය මින්දද
හඹා විත් පිනවූයේ මදු විත
සුව බැඳී සංසාර දුක් මල

එක මලින් සුව නොලත් බඹරා
අන් මලේ සුව සොයයි පියඹා
මන විලක තතු නොදුටු ඉඳුරා
විල් තෙරක් දකිනේය කවදා?

සැඳෑ සමයක - මලවී සර සිඳ
දකී වියැකෙන - මලක නිසි තතූ
සිඳ බිඳී සංසාර ගන දුර
සඳක් මෙන් නුබ අයා දිදුලන

දෙපන් පත් අනුරාග පුෂ්පය
බඹර නුඹ පෙළුවේය මින්දද
හඹා විත් පිනවූයේ මදු විත
සුව බැඳී සංසාර දුක් මල



Credits
Writer(s): Kasun Kalhara, Mahendra Samarawickrama
Lyrics powered by www.musixmatch.com

Link