Samsara (feat. Shadhir Ahamed)

සංසාර ගංතෙරේ නිස්සාර හීනයෙන්
අවදී ව යා යුතුය මා
උන්මාද වී ඔහේ ආමග දුරයි ප්රියේ
යායුතුය මා නොවරදා

නුබෙ නේත්රා රිදවලා අද යාත්රා කරමි මා
සිහසුන් මාලිග පවා යනවා දමා
දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා

[යථාවාදී තථාකාරී ගුනය අපමන කෙසේ වේනම්
සදාකරී හැගුම් දුරලම් මෙයින් මතුවක් යලි නොඒ නම්]

දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා

මේ සා විසල් වනේ හිමි අහිමි ජීවිතෙන්
නැවතී ගිමන් හරිමි මා
මතුදාක මේ භවේ මුදවාලමී සදේ
සසරේ බැදුම් නුබගේ පවා

දුටුවා පෙර නිමිති මා අදුරේ දුක් උහුලනා
බිදුවාලමි බැමි සොයා සසරේ සදා

දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා

දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා යනවා දමා

දුරලා පෙම් කල්පනා නවතා හිත් වේදනා
නිවලා මුලු හිතම මා

දුටුවා පෙර නිමිති මා අදුරේ දුක් උහුලනා
බිදුවාලමි බැමි සොයා



Credits
Writer(s): Tharindu Perera
Lyrics powered by www.musixmatch.com

Link