Nodutuwa Perada

නෑ සෝ සුසුමන් මා හද
පාරා පෙලනා
හැඟුමන් රිදවූ ඔය රූ
මා සිත දවනා
නෑ දුක් කඳුලැල් මා හද
රූරා ගලනා
තනියෙන් අද මා, මාවම
සොයමින් ඇදෙනා

සිත චංචලයි රූ කැන් සොයා හද
ගිම් නිවා සරනා
නෙතු කැන් මුලා කල උමතු කලා සිත
ඈ මැවූ සේයා
මා නෑ තැවෙන්නේ නෙත් සොයා තව
ඈ රූ සොයලා
යලි මා උපන්නේ ඈ මැරූ
සිත අහසේ සඟවා

නොදුටුව පෙරදා
ඉම වෙත ඇදෙනා
යලි නොතැවෙන මාගේ සිත හා

නොබැඳෙම් ඈ හා
යලි ලුහුබැඳ මා පාරවනා
ඈ රූ එපා ඡායා

නෑ සෝ සුසුමන් මා හද
පාරා පෙලනා
හැඟුමන් රිදවූ ඔය රූ
මා සිත දවනා
නෑ දුක් කඳුලැල් මා හද
රූරා ගලනා
තනියෙන් අද මා, මාවම
සොයමින් ඇදෙනා

සිත චංචලයි රූ කැන් සොයා හද
ගිම් නිවා සරනා
නෙතු කැන් මුලා කල උමතු කලා සිත
ඈ මැවූ සේයා
මා නෑ තැවෙන්නේ නෙත් සොයා තව
ඈ රූ සොයලා
යලි මා උපන්නේ ඈ මැරූ සිත
අහසේ සඟවා

හැඟුමන් නිකැලැල් මා දවනා
නොඉඳුල් හසරැල් මා සොයනා
තනියෙන් අද මාවම පෙලනා
ඈ නෙත් කැල්මන් මා හැරදා

හැඟුමන් නිකැලැල් මා දවනා
නොඉඳුල් හසරැල් මා සොයනා
තනියෙන් අද මාවම පෙලනා
ඈ නෙත් කැල්මන් එපා



Credits
Writer(s): Thivina Kehan
Lyrics powered by www.musixmatch.com

Link