Maduwithakin (Ahankara Nagare 2)

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
වෙනකෙක් සනහන පාළු නිවහනේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
විසේකාර ලඳුනේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

නුඹටම අවනත නැති හිත රහසේ බැදුනද
ඔය ගත අනෙකුත් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

තනිවෙන්නම් මා මට නොව නම්
ආදරේ මතකේ රඳවන්
ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා
යලි ඒ නම් මා කෙරේ
රැකගන්නම් මා පණ මෙන්
නුඹේ ජිවිතේ කෙල්ලේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා



Credits
Writer(s): Ranidu Lankage
Lyrics powered by www.musixmatch.com

Link