Pemada Me

තුහින සරේ වහින බිඳේ
නුඹව දැනේ මන්දාර මීදුමාරේ
උදුල සඳේ නුඹව පෙනේ
නුඹට බැඳේ සංසාර චාරිකාවේ

මා නොදනී... පෙමද මේ

පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ
පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ

දැහැනේ සිතුසාරෙට වෙලෙනා
තනුවේ තනි නෑ සිතුනා
නොකියා බැරි ගීයකි හිත මානේ
මනසේ නොදැනී වගෙ දැනෙනා
අරුමේ කිමදෝ සිතුනා
කිසිදා දැවටී නැත නුඹ වාගේ

මා නොදනී... පෙමද මේ

පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ
පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ

නුඹගේ සබකෝලෙට වැහිලා
සැඟවූ සිනහා තිබුණා
දුටුවා දළු ලා එන මුදු ආලේ
නුඹගේ හද මා වෙත පවරා
දෙනෙතේ ලියැවී තිබුණා
කිසිදා නොසිතූ හැඟුමකි ආලේ

මා නොදනී... පෙමද මේ

පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ
පහදනු බෑ හරි පිළිතුරු නෑ
පෙම යනු මෙයදෝ නොහැඟේ
සඟවනු බෑ මට අවනත නෑ
සිලිලාර ආදරේ



Credits
Writer(s): 0, Yashodha Adhikari
Lyrics powered by www.musixmatch.com

Link