Mawila - Reprise Version

සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා



Credits
Writer(s): Dileepa Madushan, Ashan Perera
Lyrics powered by www.musixmatch.com

Link