Ada Sanda Wage

අඩසඳ වගේ ලෝකෙට ඔබ පෙනුනාට
පුන්සඳ ලෙසයි දුටුවේ මම සැමදාට
අන්අය දුටුවාට සඳ මත ආවාට
සඳ එළි පමණි දුටුවේ මම සෙනෙහසට

ඔබ සඳ වෙයන් මම ඉර වෙමි රැකගන්න
සඳ පවතිනා කල් සැමදා දිදුලන්න
ඉර වෙමි මෙමා ආදරයක් විඳගන්න
ඉර වෙමි මෙමා ආදරයක් විඳගන්න

හිරු එළි දිළෙන තෙක් මගෙ උණුසුම ඔබට
ඔබ හැර නොයන එළියයි මම සැම කලට
මගෙ උණුසුමේ සුසුමයි ඔබ සෙනෙහෙ මට
මගෙ උණුසුමේ සුසුමයි ඔබ සෙනෙහෙ මට
අඩසඳ වගේ ලෝකෙට ඔබ පෙනුනාට
පුන්සඳ ලෙසයි දුටුවේ මම සැමදාට



Credits
Writer(s): Aruna Gunawardana
Lyrics powered by www.musixmatch.com

Link