Himiwanathak

හිමිවනතාක් දිගු දෑස්
ආශා ගේනා මායාවී
පියමැන්නේ අරුණැල්ලේ
ඇයිද පමාවී සේයාවී
දැවටී ගතේ
සීතේ සුළගේ පාවී එන හසරැලි
ඔබමයි සෙව්වේ
ප්රියේ මගේ

මේ හිත ඉල්ලනා
සිහිනය ඔබ තමා
ඔබ මගෙ සඳ වෙලා
මා ලොව එළි කලා

සිත තුල ඇති වෙනා
හැඟුමන් පිබිදුනා
ඔබ මට හිමිවෙනා
දවසත් එලබුනා

ඔබදෝ ආලේ පානා
දෑසේ මාගෙ පැතුම් ගෙනාවේ
ලියපු නැති ගීතේ තාලේ
වේදෝ ගැහෙනා පපුවේ රිද්මේ
සිහිනෙක පාට ගෑව දේදුනු වැස්සේ
ආදරේක දිලිසෙන පින්න ඔයා
සිහින පුරා

මේ හිත ඉල්ලනා
සිහිනය ඔබ තමා
ඔබ මගෙ සඳ වෙලා
මා ලොව එළි කලා

සිත තුල ඇති වෙනා
හැඟුමන් පිබිදුනා
ඔබ මට හිමිවෙනා
දවසත් එලබුනා



Credits
Lyrics powered by www.musixmatch.com

Link