Girikula Pamula Sita

ගිරිකුල පාමුල සිට බිය නොවන්න දැක ගිරි හිස...
කටු ලඳු දුරු මඟ පසු කොට
නගින්න ගිරි මුදුනට.
බලන්න ඔබ ආ මඟ.
කෙතරම් කටුකද කෙතරම් සොඳුරුද...

ගඟ බඩ ඉවුරෙහි සිට
බිය නොවන්න දැක ජල කඳ
නගින්න ඔරු කඳ මත
පදින් එගොඩ ඉවුරට
බලන්න ඔබ ආ මඟ කෙතරම් කටුකද කෙතරම් සොඳුරුද.

දොරක් වැසෙන විට පෙර මඟ
තව දොරක් විවර වෙයි වෙනතක
බලන් විවර කර නුවණැස
නොවෙයි ද එය ඔබ ඉරණම
මෙයයි අපට හිමි දිවිමග
කෙතරම් කටුකද කෙතරම් සොඳුරුද...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link