Abhinikmana (Yashodhara)

නේක කම් සුව හැරදමා
ආලයන් මා සඟවලා
යන්න මා හට සිදුවුනා
සැඟවිලා
දේවි නුඹ මා බිම්බා
සසර මා හා සැමදා
ආවෙ මා ආ නිසා
දුක් නිවා

සතන් දුකින් මුදා
උතුම් බුදු බව මා පතා
යන්න වූවා නුඹ දමා
නික්මිලා
නොපෙනෙනා ඒ මඟ සොයා
අදිටනින් අද රැයේ මෙමා
යන්න වෙනවා නුඹ දමා
යශෝධරා

පතිනියව මා හා
සසරේ පුරා
පෙරුමන් පිරූවා
මා හා එදා
රාහුල පුතුන් හා
සයනේ තබා
යනවා ඉතින් මා

සතන් දුකින් මුදා
උතුම් බුදු බව මා පතා
යන්න වූවා නුඹ දමා
නික්මිලා
නොපෙනෙනා ඒ මඟ සොයා
අදිටනින් අද රැයෙ මෙමා
යන්න වෙනවා නුඹ දමා
යශෝධරා

නේක කම් සුව හැරදමා
ආලයන් මා සඟවලා
යන්න මා හට සිදුවුනා
සැඟවිලා
දේවි නුඹ මා බිම්බා
සසර මා හා සැමදා
ආවෙ මා ආ නිසා
දුක් නිවා



Credits
Writer(s): Rashan Balasooriya
Lyrics powered by www.musixmatch.com

Link