Davinci

Yeah
PVG
Check this out homie
Yo

මචං මම සිත්තරෙක්
උබ අහන්නත් කලින් මං දීලා ඉවරයි උත්තරෙත්ද
සත් ය නෙත්ද ඇත්ත නැත්ත
දැක්කේ නැද්ද පත්තරෙත්
විවර වෙන්නෑ ඇත්ත දකින්න කන් තිනෙත්
කළු සුදු හීන අස්සේ මගේ පැන්සල් ඉරි කෑලි
අම්බපාලි දැම්මා වගේ බොලට කැටයම් පේලි
ගමටම පිරිත් දාලා දහමක හේලි
කටපුරා කිව්වට මුන්ට තේරෙන්නෑ පාලි
බණ මැදදි නිදි කිරා වැටේ උපාසක මාතාව
නූතනවාදි මතක නෑලූ අම්මට වදින ගාථාව
විනයට පටහැනි වුණත් මුදුන් පත් උනාම ආසාව
ඕන තැනකින් රිංගන්න යොදා ගනී භාශාව
ලොකු අයියලා පොඩි එවුන්ව දාලා කනවා හම්බං
තෝරු මෝරු බහිනකන් ලූලෝ කරයි මෙතන සෙල්ලං
වැඩි ගානට විකිණෙනවා කිරට හදන සම්බත්
නැට්ට කොට බැල්ලියොන්ට පදිරි නෑ ඩෝ සිම්බත්

නෙත් බදු පෙති රෝස මල්වල නෑ
මං දෙස බැලු හැටි හාස මල්මද පෑ
බිසෝ කලු සුදු හරි පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ

ඇගිල්ලට මුදු දාලා බෙල්ලට තොණ්ඩු
කරාටි මරාටි ගුජරාටි කළු පටි ටයිකුණ්ඩු
සදුදා හැර අනිත් දවස්වල හාල් හුණ්ඩු
බැන්දට පස්සේ ෆුල් මාවලස් අයිස්සම්මා ගුණ්ඩු
යද්දි කෙල්ල කැන්දා මීට වඩා හොදයි ඇම්ඩා
වැදලා ගියේ නෑ කියලා අන්න බැනලා යනවා නැන්දා
මේවා තේරෙයිද මන්දා ළපටි උබට මයෙ අම්මා
පින්සල් තුඩමත වර්ණත ගල්වා කැන්වසේ මත මම ඇන්දා
මං එකම හීනේ දකිනවා දැන් දවස් තුනක් තිස්සේ
අනියම සැබදියාවක බැදිලා මගේ අතත් එක්ක ශිශ්නේ
පොඩ්ඩක් ෆෝම් වෙච්ච ගමන් කෙල්ලො දිස්නේ
මගේ හදේ තාම ඉන්නේ හතේ පංතිභාර මිස්නේ
වෛවර්ණ සිතුවිලි වගේ මල හත් පෙති
කොල්ලො ගත්තේ මත් පෙති මුන්ට සතුටටත් හති
කෝඩුකාර කොලුවා try රජ වෙන්න ඉක්බිති
බණ කිව්වේ සක්කිලි රණසිංහ සක්විති

නෙත් බදු පෙති රෝස මල්වල නෑ
මං දෙස බැලු හැටි හාස මල්මද පෑ
බිසෝ කලු සුදු හරි පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ

ගොඩක් උන් උන්ගේ දේවල් විතරයි හරියට මැනේජ් කරේ
ඒකයි ඔලුව නැතුව ඇග විතරක් හම්බුනේ බැකේජ් එකේ
පැකේජ් එකේ තිබ්බ පොතුත් ඉස්සුවා මචං කොලේජ් එකේ
අධිතාත්වික වාදේ කියලා ගොඩක් උන් මෙහෙ කොලාජ් කලේ
චන්ඩි කියලා ගොඩක් උන් ගැහිලා ඉන්නේ ගැන්සි
වේශාන්තරයක් විතරයි මචං මහගෙදර තුන්සි
පයින් තමා ගමන අපිට කොහෙද බං ටැක්සි
ඔයා මොනාලිසා වෙද්දි මං වෙන්නම් ඩාවින්සි
ගොඩක් කන්න එපා බබා ෆිගර් ඖට් යයි
ඕක කැතයි අදින්න එපා බබා රට්ටු හිනා වෙයි
ආදරේට කියපු කතා පස්සේ අදුන ගත්තේ සතා
මං කරපු කියපු දේවල් ගැන මටම පස්සේ හිනා
වලාකුලුයි පොලොවයි කවදත් යාවෙන්නේ නෑ
පන්සිල් පද පහ කිව්ව කියලා අහසේ පාවෙන්න්නේ නෑ
උබලගේ පම්පෝරි මතක් කර කර තනිරැක්කා රෑ
කුකුළා පියාබන්න try කරාට කවදාවත් බෑ

නෙත් බදු පෙති රෝස මල්වල නෑ
මං දෙස බැලු හැටි හාස මල්මද පෑ
බිසෝ කලු සුදු හරි පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
පිට සක්වල රෑ
පාට කොළවල ගෑ
චිත්තරූප මවන් මං දැන් පිට සක්වල රෑ



Credits
Writer(s): Pasindu Vihanga Gunasekara
Lyrics powered by www.musixmatch.com

Link