Asubha

වැටිලා උඹ මතින් - ලියවේ කවිය මගෙ අතින්
පීඩනෙ වැඩිවු කලට - පොල්අතු පැලක
අකුණු හෙණ හඩින්
උඹට පිං - විටෙක මිනිස්සු කියති
තමාලු සමාජෙ King!
ලියපු පිටපතේ හැටියට නලුවො නොමැති Films!

දෝශය නැතිවේද මල්ලි උඹල කපලා අහු
තාක්ශණය දියුණු මන්ද කාලය වෙලා පහු
සීතාවක යුද්දෙ දිනපු මල් කුමරුන් සපු (ඒත්)
පීඩාවක කෙලවර විය බිත්තිය වෙලා රතු

සී සීකඩ විසිරුණු - කී කී දෙනා බිලිවුණු
මේ ගී වල පරපුටු කම නැතිවුණු, ගිලිහුණු
පාවී ගිය මානය මට දෑසින් දැක තේරුණු
විලිකුන් අඹ කපන කලට ඇතුලත ලේ බේරුණු

පීඩන දැක ලියු ගීතයෙ පද ගැන
ජීවන පුවතම හුවා දැක්විය හැකි මට
නීතිය කැඩු මැති බීගෙන ගෙව්ව කාලෙ
භීතිය පමණක්ම පැතිරුණා

සීතල ගෙන නැසිගිය ජීවිත ගැන
මා පියො පස් කකා වැලපුණා
රීතිය නැති රටෙ පාසලෙ ගුරුහොරු
Senior කමකට ගැතිවුණා

තත කැඩු පමණට දිනුවද මූසිල
Cazort නමින් බිහිවන අමුතුම ගී පෙල
මිරිවැඩි සගලට ඇඩුවා නන්දා මාලනි
පිරිසක දෝශාව සිරිතට යාවුණි!

ගිනි ගිනි පාගයි උඹෙ හිස ගිනි ගත්ද
පිනි පිනි හිමිදිරි කාලෙට වැටෙද්ද
වෙර වීරි ඇතත් උඹ භීතියෙන් නටද්ද
වරපට නැති බෙරෙ තාලයක් කොහෙද්ද

නිවනට ගිය එකා භීරි - ඇයි දුන්නෙ කලාවට උඹ හෙණ ගිනි
පිරුවට නැති කල හිමි නම ගිහි - මියගියා දරුවන් මව බලයි TV
ණයගැති දේසෙ ඉදන් කලා යාතිකා
නලුවො නෑ "අසුභ" කතාව බැලුවා මා දිහා!

පීඩන දැක ලියු ගීතයෙ පද ගැන
ජීවන පුවතම හුවා දැක්විය හැකි මට
නීතිය කැඩු මැති බීගෙන ගෙව්ව කාලෙ
භීතිය පමණක්ම පැතිරුණා

සීතල ගෙන නැසිගිය ජීවිත ගැන
මා පියො පස් කකා වැලපුණා
රීතිය නැති රටෙ පාසලෙ ගුරුහොරු
Senior කමකට ගැතිවුණා



Credits
Writer(s): Emris Manu
Lyrics powered by www.musixmatch.com

Link