Kadathura

කඩතුරාවක් ද ආලය
දෙනෙත් මායාවක පැටලූ
ඇගේ හසරැල් මහද ගිනි නිවූ
ඇගෙ සුසුමන් මහට සුව කැන්දූ
ලුහුබැන්ද සිහින වියැකී ගියාවේ
සිහින මන්දිර බොඳ වුනාවේ
ඇගේ මතකය මගෙ හද රැව්දේ
නොදැනිම මා නෙතු කදුලින් සැරසේ
විඩාබර දිවියේ නිහඩ විරාමය ඈ
නිමා වුණ ඒ සොදුරු වසන්තය ඈ
ජීවිතයේ අනියත වටහා දී
කාටත් රහසින් නික්ම ගියා ඈ
ලුහුබැන්ද සිහින වියැකී ගියාවේ
සිහින මන්දිර බොඳ වුනාවේ
ඇගේ මතකය මගෙ හද රැව්දේ
නොදැනිම මා නෙතු කදුලින් සැරසේ



Credits
Writer(s): Senal Opallage, Yashodhara Rathnayake
Lyrics powered by www.musixmatch.com

Link